ගව මුත්‍රා බොන්න කැමති අය බී.ජේ.පී ය ලං කරගන්න … විග්නේෂ්වරන් කියයි…

භාරතීය ජනතා පක්ෂය ලං කරගැනීමෙන් සිදුකරන්න යන්නෙ මහා විනාශයක්

දිනසේන රතුගමගේ –

ඉන්දීය භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමෙන් හින්දු ජනයාට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත් එය එසේ වුවහොත් අවසාන ප්‍රතිපලය වන්නේ මේ රටේ දෙමළ භාෂාව කතා කරන දෙමළ ක්‍රිස්තියානී හා මුස්ලිම් කොටස්වල සහයත් තමිල්නාඩුවේ සහයත් අහිමි යාම බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඊයේ 23   පැවසීය.

යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ භාරතීය ජනතා පක්ෂය තුළ ඇති මූලික කාරණා හතර මේ රටේ හින්දූන්ට පවා අනුගමනය කිරීමට නොහැකි බවය.

ගවයින්ගේ මූත්‍රා පානය කිරීමට අවශ්‍යනම් ගවයා දේවත්වයෙන් සැලකීමට හැකිනම් ගව මස් අනුභව කළ හොත් පහර කෑමට සූදානම් නම් සහ මුස්ලිම් වෙළද සැල් වර්ජනය කිරීමට හැකිනම් පමණක් භාරතීය ජනතා පක්ෂය වැළඳ ගත යුතු බව විග්නේස්වරන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.


එම පක්ෂයේ ප්‍රතිපත්ති එසේ වූවත් ඔවුන්ගේ රට වන ඉන්දියාව මුස්ලිම් රටවලින් තෙල් මිලට ගැනීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නා සේම තවත් ප්‍රශ්න වලදී ඔවුන්ගේ ප්‍රතිපත්ති නොගැලපෙන බවද හිටපු  ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

එවැනි පක්ෂයක් ලංකාවේ දෙමළ වැසියන් පිළිගැනීමට සූදානම් වීම දෙමළ ජනයාට දැනට පවතින ප්‍රශ්න හා ගැටලු වලට වඩා ඉතා බැරෑරුම් ගැටලු වලට හා ප්‍රශ්න වලට මුහුණ දිමට සිදුවන පරිසරයක් නිර්මාණය වීමක් බවද ඔහු සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා තමන් මේ තත්ත්වය දකින්නේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන් විසින් ළංකර ගැනීම මහා විනාශයක ආරම්භයක් ලෙසින් බවද විග්නේස්වරන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Exit mobile version