බීමතින් යතුරු පැදියක ගොස් අනතුරක් කළ බේබදු රුසියානුවා අත්අඩංගුවට…

ලලිත් චාමින්ද –

බිමත්ව යතුරුපැදියක් පදවා වෙනත් යතුරුපැදිකරුවකු අනතුරට ලක්කළ රුසියානු ජාතිකයකු අද (02) අත්අඩංගුවට ගත් බැව් අහංගම පොලිසිය පවසයි.

මෙම රැසියානු ජාතිකයා අහංගම හාතපැලැන ප්‍රදේශයේ පිහිටි විලා එකක සිට යතුරුපැදියෙන් මාර්ගය හරහා ගමන් කරමින් සිට ඇත. හාතපැලැන ප්‍රදේශයේ දි  මාතර දෙස සිට ගාල්ල දෙසට  ගමන්කරමින් සිටි යතුරුපැදිකරුවකු  රුසියානු ජාතිකයාගේ යතුරුපැදියේ ගැටි ඇත. විදේශිය ජාතිකය මෙම අනතුර වන අවස්ථාවේ බිමත්ව සිට ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් විදේශිය ජාතිකයා මෙන්ම අනික් යතුරුපැදිකරුද තුවාල ලබා ඇත. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 විදේශිකයා පැදවු යතුරුපැදියද පොලිස්භාරයට ගෙන ඇති අතර අහංගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version