බීමත් මෝටර් රථ රියදුරෙක් වාහනය ඉන්ධන බවුසරයක හප්පයි  … මෝටර් රථයේ ගමන් කළ 05කට බරපතලයි… බවුසරයටත් බරපතල හානි!

හැටන් රංජිත් රාජපක්ෂ –

ඉන්ධන ප්‍රවාහන කළ බවුසර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් පස්දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත්   කිරිමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව දිඹුල පතන පොලිසිය පැවසිය.

ඊයේ (12)  රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේදිය.

අනතුරට ලක් වූ වාහන

වැලිමඩ සිට කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ තේ ගබඩා සංකිර්ණය වෙත ඉන්ධන රැගෙන ධාවනය කරමින් තිබු බවුසර් රථයක් සහ නොර්වුඩ් සිට තලවකැලේ දක්වා ධාවනය කල මොටර් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටි ඇත.

නොර්වුඩ් සිට තලවකැලේ සිට ධාවනය කළ මොටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, එහි රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු බවුසර් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත් පොලිසිය පවසයි.


අනතුරෙන් තුවාල ලැබු මොටර් රථයේ ගමන් ගත් තුවාලකරුවන් පස් දෙනා නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බව   අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරෙන් මොටර් රථයට සහ බවුසර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

 

Exit mobile version