බිලියන 66ක කොවිඩ් එන්නත් ගනුදෙනුවේ තොරතුරු විගණනයට සඟවලා!

ලලිත් චාමින්ද

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් බිලියන  66ක මුදලක් වියදම්කොට   කොවිඩ් 19 එන්නත් මිලියන  42ක් මිලදි ගෙන තිබූ අතර  එකි එන්නත් මිලදී ගෙන ඇති අවස්ථා ගණන,  ප්‍රසම්පාදන ලබාදුන් ආකාරය, ලංසුකරුවන් සංඛ්‍යාව, ලංසුකරුවන් තෝරාගැනීමේ පදනම  ආදි තොරතුරු විගණනය සඳහා ඉල්ලා  සිටියද එම තොරතුරු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

කොවිඩි 19 එන්නත් මිලදී ගැනීමේ දී ප්‍රසම්පාදන මාර්ගගෝපදේශ  පිළිපැදීම පිළිබඳ  සෑහීමකට පත්විය නොහැකි බවත් එන්නත් මිලදී ගැනීම සම්බන්දයෙන් ඇතැම් තොරතුරු  විගණනය සඳහා ලබාදී  නොතිබූ බවත් විගණනය මගින් අනාවරණය කොට ඇත. එන්නත් ඇතුළු සෑම මිලදී ගැනීමක්  සඳහාම  ප්‍රසම්පාදන, මාර්ගෝපදේශ  අනුගමනය කළ යුතු අතර  ඖෂධ සඳහා කාර්යක්ෂම  බඩුතොග පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් එන්නතේ පළමු එන්නත් මාත්‍රාව සියයට 97ක්  සඳහාද,දෙවන එන්නත් මාත්‍රාව සියයට 83ක් සඳහා ද,  බූස්ටර් එන්නත සියයට 56ක්   සඳහා ද ලබා දී තිබුණි.

Exit mobile version