බිලියනපති කැසිනෝ ආයතනවලින් ආණ්ඩුවට කෝටි 267ක පොල්ලක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකාවේ වඩාත් කතා බහට ලක් වන බිලියනපතියකුට අයත් කැසිනෝ ව්‍යාපාර ආයතන ඇතුළු කැසිනෝ සූදු ව්‍යාපාර කිහිපයක් රජයට ගෙවිය යුතු බදු කෝටි 267ක් නොගෙවා පැහැර හැර ඇති බව වාර්තා වෙයි. ඔවුන් ආදායම් ඉපැයූ කාලවල බදු මුදල්ද මෙතෙක් නොගෙවා ඇති අතර වර්තමානයේ මතුව ඇති අර්බුදකාරී ආර්ථික තත්ත්වය මත ඉක්මනින් එය අය කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කළ ද එය ඉටු නොවුණු තැන මෙම ආයතනවලට එරෙහිව නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවට නිකුත් වූ පොදු ගිණුම් කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ.
පසුගිය කාලය තුළ මෙම සමාගම්වලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් වරින් වර සිහි කැඳවීම් කරනු ලැබූවද ඔවුන් දිගින් දිගටම අය විය යුතු මෙම බදු ගෙවීම් පැහැර හැර ඇති බව සඳහන් වේ. කොවිඩ් වසංගතයට පෙර හොඳින් ක්‍රියාත්මක වන කාලයේ සිටම ඔවුන් මෙසේ විවිධ භාවිත කරමින් එම ගෙවීම් පැහැර හැරීම කටයතු කර ඇති ව දේහීය ආදායම් දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් මේ වනවිට ගෙන තිබීම හේතුවෙන් වෙනත් පියවරක් සම්බන්ධයෙන් නිර්දේශ කිරීම පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව පසුවට කල් තබා ඇති බවද මෙම වාර්තාවේ සදහන් වෙයි. ශ්‍රි ලංකාවේ රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ප්‍රධානතම ආයතනයක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුගිය කාලය තුළ අය විය යුතු අදායම් බදු විශාල ප්‍රමාණයක් අහිමි වි ඇති වද පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි..
එම වාර්තාවේ දැක්වෙන ආකාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට අය විය යුතුව ඇති ආදායම් බදු හිග මුදල් සහ අය විය යුතු දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 32කට ආසන්න වේ.

Exit mobile version