බිරිය ඝාතනයට ඉන්සියුලින් අධි මාත්‍රාවක් ශරීරගත කළ සැකකාර 33 හැවිරිදි වෛද්‍යවරයා අත්අඩංගුවට!

ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් බලහත්කාරයෙන් සිය තරුණ බිරිඳට  විද ඇය ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කරන 33 හැවිරිදි  වෛද්‍යවරයකු බම්බලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක්  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණ සැකකාර වෛද්‍යවරයා ලෙයාඩ්පාර කොළඹ 05 ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.

උක්ත ලිපිනයේ පිහිටි නිවස තුළ තරුණ කාන්තාවක් සිහි සුන්ව වැටී සිට අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවත්,  මෙම රෝගියාගේ තත්ත්වය සැක සහිත බවත් රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන විසින් බම්බලපිටිය පොලිිසය වෙත දැන්වීමෙන් පසු සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ වී ඇත.

පිමර්ශනයේ දී අනාවරණය වන්නේ මෙම කාන්තාවගේ සැමියා වන වෛද්‍යවරයා ඉන්සියුලීන් අධි මාත්‍රාවක් ඇයට බලහත්කාරයෙන් ශරීරගත කර ඇති බවය.


මේ බව අනාවරණයෙන් පසු සැකකාර වෛද්‍යවරයා අත්අංගුවට ගෙන තිබේ. මේ වනවිටත් කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.

සැකකරු විසින් ඖෂධ ශරීරගත කිරීමට භාවිතා කළ බව කියන සිරින්ජරයක් ද සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

මෙම ඖෂධය දින කීපයකට පෙර කාන්තාවට එන්නත් කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

විවාහ වී කාලයක් ගතවී ඇතත් දරුවන් නොමැතිවීම නිසා බිරිඳ ,වෛද්‍යවරයා සමඟ නිතර නිතර ආරවුල් ඇතිකර ගන්නා තැනැත්තියක් බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

ත්‍රීකුණාමලය රජයේ රෝහලේ සේවය කරන වෛද්‍යවරයාට නිතර නිවසට පැමිණීමට නොහැකි තත්ත්වයක් තිබුණු  බවද පොලිසියට දැනගැනීමට ලැබී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බිරිඳ නිතර ආරවුල් ඇති කර ගැනීම මත ඇය ඝාතනය කිරීමේ අරමුණින් සැකකාර වෛද්‍යවරයා ඇයට ඉන්සියුලින් ශරීරගත කර  ඇත බවත්,  මෙවැන්නක් කර ඇති බව මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය සිරුරේ සීනි ප්‍රතිශතය අඩු කර ඇය ඝාතනය කිරීමට වෛද්‍යවරයා උත්සාහ දරා ඇති බව පෙනී යන බවත් විමර්ශන අංශ කියයි.

 

Exit mobile version