බියගම පොලිස් ස්ථානාධිපති ලක්මාල් අමරසේකර හදිසියේ මිය යයි

බියගම පොලිස් ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් අමරසේකර මහතා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ සවස රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ අසනීප වූ අමරසේකර මහතා කිරිබත්ගොඩ රෝහලට ඇතුළු කොට ඇති අතර එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා මිය ගොස් තිබේ.මේ වනවිට පවතින කොවිඩ් වසංගතය පාලනය සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ රාජකාරී කටයුතුවල ඔහු නිරතව සිටින අතරේ ඔහු අසනීප වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවුරුදු 52ක් වන අමරසේකර මහතා මීගමුව ඒත්තුකාල ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි.හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවට මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.


Exit mobile version