බිම්බෝම්බ ඉවත්කරන කාන්තාවන්ට ලිංගික අතවර… පුපුරණ ද්‍රව්‍ය හොර පාරේ… සේවකයෙක් ජනාධිපතිට කියයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරේ බිම්බෝම්බ ඉවත් කරන්නන්ගෙන් විශාල පිරිසක් බිම් බෝම්බ හා වෙනත් ද්‍රව්‍ය වල වෙඩි බෙහෙත් දඩයක්කාරයින්ට විකිණීම ඇතුලු නීති විරෝධී ජාවාරම්වල නිරත වන බවත් මේ රාජකාරියේ නිරතවන කාන්තාවන් උසස් නිලධාරීන්ගේ ලිංගික සූරාකෑමට ලක්වන බවත් උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත සාමාජිකයෙකු 19 දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කොට තිබේ.

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක සේවය කරණ එස් උදයකුමාර් නැමැත්තා එම ලිපිය ජනාධිපතිවරයාට යැවීමට පෙර යාපනය මාධ්‍ය සමාජ ශාලාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මේ බව පැවසීය.
මීට අමතරව බිම්බෝම්බ ඉවත් කිරීමේදී හා පුපුරණ ද්‍රව්‍ය සහිත දේ ඉවත් කිරීමේදී නීති විරෝධී ජාවාරම් රැසක් සිදු වන බව ප්‍රකාශ කළ උදයකුමාර් කියා සිටියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින කාන්තාවන් කැළෑබද ප්‍රදේශ වලදී නිලධාරීන්ගේ ලිංගික අතවර වලටද ගොදුරු වන බවයි.

නිලධාරීන්ගේ අණට කීකරු නොවන කාන්තාවන් සඳහා ඊළග වසර සඳහා වූ සේවා කොන්ත්‍රාත්තුවට අවසර නොලැබෙන නිසා අසරණව සිටින කාන්තාවන්ට මේ ක්‍රියා වලදී නිහඬව සිටීමට සිදුවන බවද ඔහු පැවසීය.

Exit mobile version