බිඳවැටීම යථාවත් කළා… විදුලි බල මණ්ඩලය කියයි!. සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක්…

කිර්ති ප්‍රනාන්දු –

බිඳවැටුණු විදුලිබ පද්ධතිය මුලුමනින්ම යථාවත් කළ බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.

අද සවස 2.30 පමණ වනවිට උපපොළ වශයෙන් බලගැන්වීම ආරම්භ වුණු බවත් මේ අවස්ථාවේ දී අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ව්‍යාපාරයක නිරත වුණු විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ද අවස්ථාව කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන් බව විදුලිබල විදුලිබල අමාත්‍යාංශයේ  මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසීය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කර සිද්ධිය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද වෙනත් තාක්ෂණික හෝ පුද්ගල අත්වැරැද්දක් ද යන්න සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් දියත් කරන බවත් මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කීවේය.


විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර තිබුණේ මේ සිදුවීම කඩකප්පල්කාරී සිදුවීමක් විය හැකි බවය.

මේ සම්බන්ධව විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික සහ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසුවේ මේ සිදුවීම කිසිසේත්ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව අංශු මාත්‍ර ක්ෂේත්‍ර දැනුමක් සහිත ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන බවය.

“නොරොච්චෝලය අධි ආරක්ෂිත කලාපයක්. ඒකට අතුළුවෙන්න පුලුවන් ඉංජිනේරුවන්ට විතරයි. බලාගාරයේ සියලුම තැන් විශේෂිත කැමරා පද්ධතියකින් ආවරණය වෙලා තියෙන්නෙ.

මේක ස්වභාවික බිදවැටීමක්. පසුගිය අවුරුද්දේ අගෝස්තු 14 මේ සිද්ධියම වුණා. පද්ධතියෙ සමතුලිතබව ගිලිහිලා ගියා. එදා හබරණ පැත්තට කරන්ට් එනකොට රෑ අටත් පහුවෙලා.“

කෙසේ වෙතත් කොත්මලේ සිට බියගම දක්වා එන පද්ධතියේ බිඳවැටීම සමස්ථ විදුලිබල පද්ධතියටම බලපෑම නිසා අද (03) උදේ 11.30ට මෙම විදුලි බිඳවැටීම සිද්ධ වූ බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පද්ධතියේ මුල්ම බිඳවැටීම වාර්තා වූයේ පසුගිය 29 වැනිදා ය. විදුලිබල මණ්ඩලය එදින ප්‍රකාශ කළේ වොට් දෙලක්ෂ විසි දහසක අධි බල විදුලි රැහැනක් බිඳවැටීමට නිසා මේ තත්වය ඇතිවූ බවය.

Exit mobile version