බිනුරට කොවිඩ්….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබල පහරක් එල්ල කරමින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවේදී කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

බිනුර ප්‍රනාන්දු ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු විස්සයි20  තරගයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්  ඕවර 4කදී ලකුණු 12කට කඩුළු දෙකක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග   පැවසුවේ බිනුර ප්‍රනාන්දුගේ  ක්ෂණික ප්‍රතිදේහ  පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවය.  ඔහු මේ වනවිට පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටී.


මීට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු     කුසල් මෙන්ඩිස්ට කොවිඩ් ආසාදිත බව තහවුරු වුනේය.   කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් තුන්වැනි විස්සයි20 තරගයට සහභාගි වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි 20 තරඟය හෙට (13)  පැවැත්වීමට නියමිතය.

Exit mobile version