බිදී ගිය ලෝකය අවශ්‍යම නායකත්වය ඉන්දියාවයි – ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ

*ඉන්දියාව විසින් ජී 20 සමුළුවේ සාභාපති ධූරයට ඉතාම තීරණාත්මක අවස්ථාවකදී පත්වන බවත් මේ වන බිඳි ගිය ලෝකය තුල අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය ඉතාම වැදගත් බවද ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ වන ක්ලවුස් ෂ්වාබ් පැවසීය.

ලෝකයේ බලශක්ති භාවිතය සම්බන්ධයෙන් මේවන විට පැන නැගී ඇති අභියෝගත්මක තත්ත්වයට ඉන්දියාව විසින් ඉතා සාර්ථකව මුහුණ දීමට පියවරගෙන ඇති බවත් එහිදී පුනර්ජනනීය බලශක්ති භාවිතා කිරීමට කටයුතු කිරීම ඉතා ප්‍රශංසනීය බවද හෙතම ප්‍රකාශ කළේය.

″මම ඉන්දියාව විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතා කිරීමට කටයුතු කරන ආකාරය ගැන ඉතාම සතුටු වෙනවා. එමගින් පරිසයට හිතකර සහ පාරිසරික පරිහානිය අවම කරගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ අතර කාන්තාවන් මූලික කරගත් සංවර්ධන වැඩසටහන් සහා ඩිජිටල් යටිතල පහසුකම් සැලසීමට අදාලව ගෙන ඇති ක්‍රියාමාර්ගද ඉතාම අගේ කරනවා.″ යනුවෙන්ද ෂ්වාබ් පැවසීය.


ගෝලීය දේශපාලන සහ ආර්ථික කෙරෙහි අවදානය යොමුකරන විට ඉන්දියාව ඉතා ප්‍රබල ස්ථානයක පසුවන බවත් එහ ඉතා යහපත් ප්‍රවනතාවයක් බවට හෙතෙම පෙන්වා දුන්නේය.

දැඩි ගෝලීය ආර්ථික අවපාතයක පෙරනිමිති පෙන්නුම්කරන අවස්ථාවකදී පවා ඉන්දියාව විසින් සියයට 7ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී බවත් එමගින් ඉන්දියාව ගෙනයන ආර්ථික ප්‍රතිපත්ති වල නිවැරදි බව මනාව සනාථ වන බවද ෂ්වාබ් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජී20 සභාපතිත්වයත් සමඟ ඉන්දියාව විසින් ගෝලීය වශයෙන් සාර්ථක සහ සාධාරණ ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති බවට තමන් අපෙක්ෂා කරන බවද එමගින් ගෝලීය ආර්ථික තත්ත්වය යහපත් කරගැනීමට හැකිවක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු වැඩිදුරත් පැවසීය.

Exit mobile version