බිත්තරයක පිරිවැය රුපියල් 22ක්… මාස දෙකකින් බිත්තර කර්මාන්තයත් ඉවරයි!

කුකුළු ගොවිපල හිමියෝ කියති...

අමුද්‍රව්‍ය හා සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා බිත්තර නිෂ්පාදනය කළ හැක්කේ තවත් මාස 2ක කාලයක් පමණක් බව කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිත්තර නිෂ්පාදකයෝ කියති.

සත්ත්ව ආහාර මිල අධික බවත්, එක් බිත්තරයක් නිෂ්පාදනය සඳහා රුපියල් 22ක පිරිවැය ක් දැරීමට සිදුවන බවත් ඔවුහු කියති.

කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සංජීව කරුණා සාගර කියන්නේ මෙවැන්නකි .


“බිත්තර වලට වගකිව යුතු ඇමතිවරයාගේ ආසනයේ මයි අපි ඉන්නේ… අපි එයාට ඡන්දෙ දුන්නෙ මේ වගේ අසරණ තත්ත්වයකට වැටෙන්න නෙමෙයි. 1989 ඉඳලා බිත්තර නිෂ්පාදනයේ යෙදෙන මුදලාලිලත් කුකුළු ගොවිපළවල් හත්අට අතහැර දමමින් ඉන්නවා… කුකුළු කෑම කිලෝවක මිල රුපියල් එකසිය විස්සයි. මේ රජය සත්ත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩ ඉඟුරු ආනයනය නැවැත්තුවා. බිත්තරත් කුකුල් මසුත් පිටරටින් ගේන්නයි ලෑස්තිය… ඒකට මහපුටුවල අය  කැමතියි. මොකද කොමිස් කුට්ටිවලින් සාක්කු පිරෙන්න එතකොට…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බිත්තර නිෂ්පාදනය සඳහා තිබෙන ගැටලුවලට රජය මැදිහත්වෙලා  කඩිනම් පියවර නොගත්තොත් ජනතාවට බිත්තර පරිභෝජනය කරන්න බැරි තරම් මිල ඉහළ යනව… එහෙම නැත්තං අපිට මේ ගොවිපළවල් වහලා දාන්න සිදුවෙනවා….”

Exit mobile version