බැසිල් මග හැර විමල් අම්පාරේ යයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ රැස්වීමට කර්මාන් අමාත්‍ය විමල් වීරවංශ සහභාගී වී නොමැති බව වාර්තා වේ.
අම්පාරේ වැඩසටහනකට සහභාගී වීම සඳහා කර්මාන්ත ඇමති විමල් වීරංවශ පැමිණ ඇති බව කියැවේ.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් අරලියගහ මන්දිරයේ පවත්වන මෙම රැස්වීම සඳහා ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 7ක නියෝජිතයන් කැඳවා ඇති බව දැනගන්නට ඇත.

දියමන්ති සහ ස්වර්ණාභරණ, රෙදිපිළි හා ඇඟලුම්, මැණික්, සන්නිවේදන තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්රොනික බෝට්ටු සෑදීම, කෑම බීම, පොල්, යන ක්ෂේත්‍ර නියෝජනය කරන නියෝජිතයන් මේ සඳහා කැඳවා ඇති බව දැනගන්නට තිබේ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සමග අනෙකුත් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, භාණ්ඩාගාරයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය, පොල් සංවර්ධන අධිකාරිය සම්බන්ධ නියෝජිතයින් මෙම සාකච්ජාවට එක්ව සිටින බව දැනගන්නට ඇත.

Exit mobile version