බැසිල් ඇවිත් තෙල් මිල අඩු කරාවි… පොදුජන පෙරමුණු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කියයි

බැසිල් රාජපක්ෂ රට තුළ සිටියා නම් තෙල් මිල වැඩි නොවීමට ඉඩ තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඉන්ධන මිල අඩුකරගැනීමේ අපේක්ෂා සහිතව බැසිල් රාජපක්ෂ යළි රටට එනතුරු ජනතාව බලා සිටින්නේ යැයි ද මහාචාර්යවරයා කියයි.

උඩුනුවර ආසනයේ කෝවිඩ් කමිටු රැස්වීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබිණි.

ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්‍යවරයා පැවැසිය.

“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහ මහලේකම් විසින් ප්‍රකාශ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.

විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇති කිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසු කුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසු තිරණය කරනවා”

බැසිල් රාපක්ෂ ලබන සතියේ මැද යළි රටට පැමිණීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද –

Exit mobile version