බැසිල්ට එරෙහිව ඇමෙරිකාවේ පරීක්ෂණ ගැන මුලින්ම කිව්වේ ගෝඨාභය!  උදය ගම්මන්පිල හෙළි කරයි…

Gotabaya Rajapaksa

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ඇමෙරිකාවේ මූල්‍ය විශුද්ධිකරණය පිළිබඳව පරීක්ෂණයක් පැවත්වෙන  බවට තමන්ට මුල් වරට හෙළි කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  බවත් ඔහු එම ප්‍රකාශය කරන මොහොතේ විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම,   බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ  අමාත්‍යවරුන්ද සිටි බවත් හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ජනාධිපතිවරණයට පෙර පොහොට්ටුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කලින් ඇති වූ සාකච්ඡාවකදී හෙළිදරවු වුණු මේ සිද්ධිය සම්බන්ධව උදය ගම්මන්පිල හෙළි කළේ මාධ්‍යවේදී  චමුදිත සමරවික්‍රම සමග ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

බැසිල් රාජපක්ෂ   2018 වසරේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ සූදානමක සිටි බවත් ඔහු ප්‍රචාරක ආයතනයක සහය ලබාගෙන ඒ වනවිට පූර්ව සැලසුම් සකස් කරමින් සිටි බවට සාක්ෂි පවතින බවත් සඳහන් කළ ගම්මන්පිල  තම කණ්ඩායමට අවශ්‍ය වූයේ ගෝඨාභය රජජපක්ෂ  ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බවත් ඒ සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ  බැසිල් ගේ මෙම පසුබිම   හෙළි කළ බවත් සඳහන් කළේය.


ඔහු එහිදී මෙසේ එම සිදුවීම විස්තර කළේය.

“2018 වසරේ අග එක පැත්තකින් අපට ආරංචි වෙනවා තමන්ගේ ප්‍රචාරණ උපදේශකයන් එක්ක බැසිල් රාජපක්ෂ මහත්තයා  මැතිවරණය සැලසුම් කරනවා කියල. අපට අවශ්‍ය වුණේ ඒ මොහොතේ අපේ පැත්තෙන් හිටි හොඳම අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ගේන්න. මේ දෙන්නම ඇමෙරිකානු ද්විත්ව පුරවැසි භාවය තිබෙන අය. අපිට බයක් ඇතිවුණා. ගෝඨාභය මහත්තයාගේ ද්විත්ව පුරවැසි බව ඉවත් කර ගැනීම ඇමෙරිකානු රජයට කියල මොනව හරි බාධකයක් දාලා බැසිල් රාජපක්ෂ මහත්තයා කොහොම හරි තමන්ගේ ද්විත්ව පුරවැසි බව ඉවත් කරගෙන ජනාධිපතිවරණයට එයි කියල.“

“ඒ නිසා මම විමල් ඇමතිතුමා ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන කට්ටිය ගිහින් එතුමට කිව්ව ඉක්මනට ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගන්න, නැතිනම් අපට බයක් තිබෙනවා අර පුද්ගලයා මේ අවස්ථාව ගනීවි කියල. “

“ඒ වෙලාවේ ගෝඨාභය මහත්තය කිව්වා මම ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් නීතීඥයෙක් මාර්ගයෙන් සොයා බැලුවා. ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ කියල. නමුත් බැසිල්ට නම් ඒක ඉවත් කර ගැනීමට බාධකයක් තිබෙනවා. ඔහුට ඇමෙරිකාවේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා කියල.“ යනුවෙන් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ…

Exit mobile version