බැඳුම්කර වංචාව ගැන මෛත්‍රී-රනිල්ගෙන් ප්‍රකාශ ගන්න- නීතිපති

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව සොයාබැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්තුරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය වරයාගේ උපදේශකවරයකුව සිටි එස්. පාස්කරලිංගම් සහ එවකට මහ බැංකුවේ සේවය කළ වසන්ත කුමාර යන අයගෙන් ද ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබේ.

මහබැංකු බැඳුම්කර සිද්ධියට ඍජුවම සම්බන්ධ යැයි පැවසෙන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිය නම වෙනස් කරගෙන ඇති බව නීතිපතිවරයා පසුගියදා අධිකරණය වෙත දැනුම් දී ඇත.


ඒ අනුව මීට ඉහත දී අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් දැනුම් දෙන ලදී.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් BBC ගුවන් විදුලි සේවය සමඟ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ තමා ජනාධිපතිවරයා ලෙස එදා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වමින් තම වගකීම නිසි ලෙස ඉටු කළ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තම පාලන කාලය තුළ කොමිෂන් සභා පත් කරමින් ගනු ලැබූ පියවර නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහබැංකු සිද්ධියට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවත් අර්ජුන් ඇලෝසියස්ලා සිර ගත කළ බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version