බාල වයස්කාර දැරිය දූෂණය කළ දූෂකයාට දඬුවම් දෙන්න අවුරුදු 08ක් නඩු අසයි..

දූෂණයට ලක්වූ දැරියට ලක්ෂ දෙකක් වන්දියක්… දූෂකයාට වසර දෙකක සිරදඬුවම්...

child

සූරියවැව නුවන් ජයසේකර

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසර 08කට පෙර තිස්සමහාරාම යෝධ කණ්ඩියේදී බාලවයස්කාර දැරියක රවටා ලිංගික අතවර කිරීමේ සිද්ධියකට වරද කරු වු දෙදරු පියෙකුට වසර දෙකක සිර දඩුවමක්,රුපියල් 70,000ක දඩ මුදලක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල අද (26) නියෝග කළේය.

මෙලෙස සිර දඩුවම්,දඩ හා වන්දි නියම වුයේ තිස්සමහාරාම පදිංචි එල්.වයි.සුනන්ද නැමති දෙදරු පියෙකුටය.

සැකකරු 2013.02.19 වන දින තිස්සමහාරාම යෝධකණ්ඩියේ පදිංචි පාසැල් යමින් සිටි බාල වයස්කාර දැරියක රවටා බොරු බලාපොරොත්තු දී තිස්සමහාරාම කිරින්ද මුහුදු වෙරළට රැගෙන ගොස් අපයෝජනය කර තිබේ. පසුව සිද්ධිය පිළිබදව අනාවරණය වීමෙන් පසු දැරියගේ මව විසින් සිද්ධිය පිළිබදව තිස්සමහාරාම පොලිසීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් එදිනම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .අත්අඩංගුවට පත් සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැවති මුලික නඩු විභාගයෙයන් පසු නිතිපති වරයා විසින් සැකකරුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබේ.

ඒ අනුව පැවති නඩු විභාගයේදී සැකකරු විසින් විවෘත අධිකරණයේදී අදාල චෝදනා දෙක සදහා වරද පිළිගැනීම සිදුකෙරුණි. ඒ අනුව දෙපාර්ශවයේ ඉදිරිපත් වු කරුණු සළකා බැලු හම්බන්තොට මහාධිකරණ විනිසුර රෂන්ත ගොඩවෙල සැකකරුට පළමු චෝදනාව සදහා මාස 06ක සිර දඩුවමක් නියම කල අතර එය වසර 10ක කාලයක් සදහා අත්හිටවන ලදි. ඊට අමතරව රුපියල් 20,000ක දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිර දඩුවමක් නියම කෙරුණි.

ඊට අමතරව දෙවන චෝදනාව සදහාද මාස 18ක සිර දඩුවමක් නියම කල අතර රුපියල් 50,000ක දඩ මුදලක්ද නියම කෙරුණි.එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව තවත් මාස 24ක සිර දඩුවමක් නියම කෙරුණි.

මීට අමතරව අගතියටපත් දැරිය සදහාද රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා සැකකරුට නියෝග කල අතර එය නොගෙවන්නේ නම් ඉහත දඩුවම් වලට අමතරව තවත් වසර දෙකක සිර දඩුවමක්ද නියම කෙරුණි.

පැමිණිල්ල වෙනුවෙන් තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල් සදරුවන් මහතා අධිකරණයේ පෙනී සිටි අතර නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා විසින් පැමිණිල්ල මෙහෙයවීය.

Exit mobile version