බාමියන් ප්‍රතිමාවහන්සේ එක් රැයකට යළි උපදී….

ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ විසල් ලෙන් ගුහා  තුළ වැඩ වාසය කළ ලෝකයේ උසම බුද්ධ ප්‍රතිමාවහන්සේලා සහිත විශිෂ්ට කලා උරුමය මීට වසර විස්සකට පෙර තලේබාන් ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා විනාශ කර දමන ලදී.

බුද්ධාගම කලාපයේ ප්‍රමුඛ ආගම වු ක්‍රිස්තු වර්ෂ 6 වැනි සහ 7 වැනි ශතවර්ෂවල මේ ප්‍රතිමාවහන්සේලා නිර්මාණය කර තිබිණි.

විනාශ කළ බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් එම ප්‍රතිමාවහන්සේ වැඩ සිටි ස්ථානයේම  ත්‍රමාණ ප්‍රක්ෂේපණයක් ස්වරූපයෙන් ඊයේ ( 11) රාත්‍රියේ දී  ප්‍රතිනිර්මාණය වූයේය.  ඒ අසිරිය දකින්නට සබුද්ධික මිනිස්සු බාමියන් නිම්නයට එක් රැස් වූහ.


බුදුන් සමග රාත්‍රියක් ලෙස නම්කළ මෙම උත්සවය සංවිධානය කර තිබුණේ වර්ෂ 2001 මාර්තු මාසයේ තලේබාන් ත්‍රස්තවාදින් විසින් සියවස් ගණනක් පැරණි  මේ ප්‍රතිමාවහන්සේ විනාශ කිරීම  යළි සිහි කැඳවීමටය.

මෙහි සිදු වූ බිහිසුණු අපරාධය කුමක් දැයි ජනතාව අමතක කරනු දැකීමට අප කැමති නෑ…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ බුදුන් සමග රාත්‍රියක්“ උත්සවයේ සම සංවිධායක සහරා හුසේනි පැවසීය.

Exit mobile version