බ්‍රිතාන්‍යයේ පැතිරෙන අලුත් කොරෝනාව පැතිරන වේගය වැඩියි!

ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
මේ දිනවල බ්‍රිතාන්‍යයේ සහ අප්‍රිකාවේ පැතිරෙන නව කොරෝනා වෛරස ආකාර දෙක අතර සමානකම් තිබුණද ඒ රටවල් දෙකේ ඇත්තේ නව වෛරස ආකාර දෙකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊයේ (21) ජිනීවා නුවරදී පැවැති ලෝක සෞඛ්‍ය සංවිධාන මාධ්‍ය හමුවේදී එහි තාක්ෂණික අංශයේ ප්‍රධානී වෛරසවේද විශේෂඥ වෙද්‍ය මාරියා වෑන් කර්කෝවා සඳහන් කළේ බ්‍රිතාන්‍යයන් හමු වූ නව වෛරස ආකාරය පැතරෙන කොවිඩ් 19 වෛරස ආකාරයට වඩා වේගයෙන් පැතිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවය. එසේ වුවද ඊට සාපෙක්ෂව මරණ සංඛ්‍යාවද වැඩි වන බවත් පෙනෙන්නට නොමැති බද සඳහන් කරන වෛද්‍ය කර්කෝවා අවධාරණය කළේ යුරෝපය තුළ සංචරණ සීමා ඇතුළු පියවර මඟින් මෙම වෛරසය තවදුරටත් පැතිරීම මෙල්ල කිරීමට කටයුතු කළ යුතු බවය.

ඇයට අනුව මේ වනවිටත් යුරෝපයේ බොහෝ රටවලින් තම දේශ සීමා යළිත් වසා දැමීමට පියවර ගෙන ඇති අතර බ්‍රිතාන්‍ය පර්යේෂකයන් මෙම නව වෛරස ආකාරය මඟින් වැඩි බලපෑමක් කරන්නේද නැද්ද යන්න පිළිබඳව මේ වනවිටත් තම පර්යේෂණ ආරම්භ කර ඇති බවය.


සාමාන්‍ය තොරෝනා වෛරසය මඟින් තවත් පුද්ගලයකුට බෝවීමේ අනුපාතිය 1ට 1.1ක් වුවද මෙම නව ආකාරයෙන් පුද්ගලයන් 1ට 1.5ක් පෙන්වන වැවින් එයින වේගයෙන් පැතිරෙන වට මේ වවිට අනාවරණය කරගෙන තිබේ. කෙසේ වුවද දකුණු අප්‍රිකාවේදී හමුවූ කොරෝනා වෛරසයේ නව ආකාරය බ්‍රිතාන්‍යයේ හමුවූ නව ආකාරයට බොහෝ සමානකම් පෙන්නුවද එම ආකාර දෙක අතර වෙනස්කම් පවතින බව ඇය එහිදී පැහැදිළි කළාය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි ප්‍රතිචාර පිළිබඳ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ මෙම නව ආකාරය නිසා දැනට නිර්මාණය කරගෙන ඇති කොවිඩ්වලට එරෙහි එන්නත් ඵල රහිත බව කිව දැනට කිමට තරම් සාක්ෂියක් නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාමාන්‍යයෙන් ඕනෑම වසංගතයකදී මෙවැනි වෛරස වෙනස්වීම් පරිණාමීය ලක්ෂණයක් වන බැවින් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නොමැති වද ඔහු සඳහන් කළේය.

Exit mobile version