බස් රථවලින් කප්පම් අරන්… බැස්ටියන් මාවතේ වේලා සටහන්කරුවන් 03කගේ වැඩ තහනම්

කීර්ති ප්‍රනාන්දු –

පුද්ගලික බස් රථවලින් කප්පම් ලබා ගන්නා බැස්ටියන් මාවතේ වේලා සටහන් කරුවන් 03කු ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට ක්‍රියා කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්ලියු ප්‍රසන්න පැවසුවේය.

බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් හා බස් සමාගම් අතර පැවති සාකච්ඡාවක දී කාලයක් තිස්සේ බස් රථවලින් කප්පම් ලබා ගන්නා වේලා සටහන් කරුවන්ගේ මාෆියාවක් පිළිබඳ බස් සමාගම් විසින් නිලධාරීන් දැනුවත් කර තිබිණි.

පිටකොටුව බැස්ටියන් මාවතේ එළිපිටම සිදුකරන මෙම කොල්ලය සම්බන්ධව දැනුවත් කළ පසු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මාර්ග ආරක්ෂක නිලධාරීන් යොදවමින් මෙම ජවාරම සාධක සහිතව තහවුරු කරගන්නට හැකි වූ බව සභාපතිවරයා පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩ තහනම් කළ කප්පම් කරුවන් අතර ස්ථාන පාලක හා ධාවන කළමනාකරු ද වනබව පවසන සභාපතිවරයා මීට අමතරව බස්නාහිර පළාතේ ගම්පහ, කළුතර  දිස්ත්‍රික්කවල ප්‍රධාන කාර්යාල 07ක වේලා සටහන්කරුවන් සියලු දෙනා මාරුකර යැවූ බවද කීවේය.

Exit mobile version