බස්රථ වෑන් අනතුරෙන් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් හතර දෙනෙකු රෝහලේ

මාතර- සම්පත්:

මාතර යටියන අපරැක්ක ප්‍රදේශ්යේදී රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් එම වෑන් රථය ගමන් කළ කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය.

එම වෑන් රථයේ ඒම ගමන් කළ තවත් තරුණයන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු බර බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


පෙරේදා රාත්‍රී කැකනදුර ප්‍රදේශ්යේ ඇති ඇඟලළුම් කම්හලක සේවය කර මෙම ඇඟලුම් සේවිකාවන් ඊයේ උදෑසන වැඩ නිම වී නිවස බලා යන අවස්ථාවේවේ දී මෙම අනතුරට ලක්විය. අනතුර සිදු වී ඇත්තේ ඊයේ උදෑසන 6.10 ට පමණය.

කැකුණදුර ප්‍රදේශ්යේ සිට පැමිණි වෑන් රථය යටියන සිට ගමන් කරන බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථ රියැදුරුට සහ වෑන් රථ රියදුරුට වේගය පාලනය කර ගැනීමටට නොහැකිවව මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කල විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කිරින්ද පුහුල්වැල්ල හෙට්ටියා වල පදිංචි ඒ මල්ලිකා නැමැති 36 දෙදරු මවකි. ඇය මීට් වසර දෙකකට පෙර මෙම ඇඟලුම් සේවිකාවක් ලෙස මෙම ඇඟලළුම් කම්හලක සේවයට පැමිණි කාන්තාවක් බව ඇගේ මිතුරියන් පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය අනිත් කාන්තාව බෙලියත්ත මාහීල්ල පදිංචි කේ .ඩී .දුලානි 42 සිව් දරු මවකි.අනතුර සම්බන්ධයෙන්යෙන් වෑන් රථයේේ රියදුරු සහ බස් රථයේ රියැදුරු තිහගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version