බස්නාහිර සෞඛ්‍යය සේවකයන්ට දීමනා නෑ… ජී.එම්.ඕ.ඒ වර්ජනයකට සැරසෙයි.

ශ්‍රියානි විජේසිංහ –                                                        

බස්නාහිර පළාත තුළ පවතින සියලුම සෞඛ්‍ය ආයතනයන් හි සේවයේ නියුතු වෛද්‍යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට අවදානය යොමුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

මාර්තු මාසයේ සිට වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍යය කාර්ය මණ්ඩලවලට හිමි අතිකාල දීමනා, නිවාඩු දීමනා,පර්යේෂණ දිමනා ඇතුලු ගෙවීම් කිසිවක් සිදුකර නොමැති බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  සඳහන් කරයි.

බස්නාහිර පළාත තුළ වෛද්‍යවරුන් 2500ට අධික පිරිසක් සිටින බවත් කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමට ඔවුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සුවිශේෂී කාර්ය භාර්යයක් ඉටුකළ බවත් හෙතෙම පෙන්වාදේ.


තමන්ට හිමි දීමනාවන් ගෙවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි නමුත් ඔහුගෙන්  සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණු බවද වෛද්‍ය අලුත්ගේ සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව ඉදිරියේදී සංගමයේ විධායක කාරක සභාව රැස්කර ගන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණයට එළබෙන බවද හෙතෙම පැවසීය.

 

Exit mobile version