බස්නාහිර පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 350ක් වෘත්තීය ක්‍රියාමාර්ගයක්ට  සැරසෙති..

මාස 07ක් කිසිම දීමනාවක් නෑ... මේ වෙහෙස දරාගන්න බෑ... පැය 08 වැඩ මුරයට යනවා...

PHI

කොවිඩ් රෝගීන්ගෙන් හතරෙන් තුනක් හමුවන බස්නාහිර පළාත තුළ දිවා රෑ නොමැතිව සේවයට කැප වී සිටියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා අනුමත අතිකාල දීමනා හෝ වෙනත් කිසිම දීමනානවක් පසුගිය මැයි මස සිට ලැබී නැති බවත්, බලධාරීන් සාකච්ඡාකර විසඳුමක් නොලැබෙන්නේ නම් ලබන 25 දා සිට බස්නාහිර පළාත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් උදේ 8 සිට සවස 4 තෙක් වූ පැය 8 වැඩමුරය පමණක් කිරීමට කටයුුතු කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති ඒ.එස්.යූ.ටී කුලතිලක ලංකාසරට පැවසීය.

ඔහු පැවසුවේ කිසිම දිරීගැන්වීමක් නොමැතිව මූලික වැටුපෙන් රාජකාරි සඳහා ඉන්ධන වලටත් වැය කර, දිවා රෑ නොබලා වැඩ කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෙහෙස හා  ආරථික පීඩනය සීමාව ඉක්මවා ගොස් ඇති බවය.

“ බස්නාහිර පළාත් තුළ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 350 දෙනෙක් ඉන්නවා.  පසුගිය මැයි මස සිට මාස 07 කාලයක් ඔවුන්ට අනුමත ඉන්ධන දීමනාව වූ රුපියල් පන්දහස ලැබී නෑ. අතිකාල මුදල් ලැබී නෑ. මේ සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ගම්පහ ප්‍රාදේශීය සේඛ්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් කළ විමසීමක දී ඔහු දැන්නුවේ ප්‍රතිපාදන නැති බව. එහෙත් වයඹ  වැනි  අනෙක් පළාත් තුළ මේ සියලු දීමනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ලැබිලා තියනවා.  “


ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංමය විදිහට අපි මේ සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සමග, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සමග, බස්නාහිර පළාත්  ආණ්ඩුකාරවරයා  සමග යළිත් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා… ඔවුන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අපට සිදුවෙනවා වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් විදිහට පැය 08 වැඩමුරයට සීමා වෙන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපසභාපති ඒ.එස්.යූ.ටී කුලතිලක වැඩිදුරටත් පැවසීය.

 

 

Exit mobile version