බලවතුන්ගේ අනිසි බලපෑම් නිසා කොවිඩ් එන්නත්කරණය අවුල් වෙලා

වාරය එනතෙක් ඉවසන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

කොවිඩ් එන්නත්කරණයේදී ඇතැම් පුද්ගලයන්ට පුම්‍රඛතාව ලබා දෙන ලෙසට විවිධ පාර්ශ්වවලින් සෞඛ්‍ය අංශවලට බලපෑම් සිදුවන බවත් මෙම අනවශ්‍ය බලපෑම් හේතුවෙන් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ අවුල් සහගත වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකසනු ලැබ ඇති ප්‍රමුඛතා ලයිස්තුවට අනුව සහ දැනට එන්නත් ලබා දෙන පිළිවෙළ අනුව එන්නත ලබා ගන්නා ලෙසත් අනවශ්‍ය ලෙස තම බලය හැකියාවන් උපයෝගි කරගනිමින් බලපෑම් නොකරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී තවදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ වෛද්‍ය හේමන්ත හේරත් මහතා “එන්නත් ලබා දෙන ස්ථානවල ඇතැම් පුද්ගලයන් තමන්ගේ බලය උපයෝගී කරගෙන විවිධ පුද්ගලයන්ට එන්නත් ලබා දීමේ ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස බලපෑම් කර ඇති බව වාර්තා වනවා. මේ බලපෑම් හේතුවෙන් ඔවුන්ට නියමිත ආකාරයට එන්නත් ජනතාවට ලබා දීටම් අපහසුතා නිර්මාණය වී තිබෙනවා. එයින් පිරිසකට අසාධාරණයක් සිදුවනවා. අපි එන්නත් ලබා දිය යුතු ප්‍රමුඛතා ලයිස්තුවක් සහ නිසි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ අනුව සැමට එන්නත් ලැබීමට අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා. එතෙක් මේ බලපෑම් පිට පෝලිමෙන් නොපැන එන්නත ලබා දෙන තෙක් ඉවසීමෙන් සිටින ලෙස එසේ බලපෑම් කරන පාර්ශ්වලින් ඉල්ලා සිටිනවා. “ යයි පැවසීය.


Exit mobile version