බලන්නෙ තව සතියයි… ඒ සතියෙන් පසු එන්නත්කරණ වැඩසටහන ඉවරයි… රාජ්‍ය ඇමති චන්න

ලබන සෙනසුරාදාගෙන් එළඹෙන සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කීවේ මෙසේය.

“ලබන සෙනසුරාදාගෙන් එළඹෙන සතිය ඇතුළත අපේ රටේ බහුතරයකට බූස්ටර් එන්නත ලබාදීලා මේ එන්නත්කරණ වැඩපිළිවෙළ  අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.”


“පළමු සහ දෙවන එන්නත ලබාගැනීමට සාපේක්ෂව බූස්ටර් එන්නත ලබාගැනීමේ යම් අඩුවක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව විවිධ පුද්ගලයින්ගේ කඩාකප්පල්කාරී වැඩ. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාර දියත් කෙරෙනවා. විවිධ අතුරු ආබාධ එනවයි කියලා. ඒවා කිසිවක් මේ වනතෙක් තහවුරු වෙලා නෑ.”

“ඒ අනුව ලබන සෙනසුරාදා සිට සතියක් බූස්ටර් එන්නත ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අනතුරුව ප්‍රධාන එන්ත්කරණ වැඩසටහන නවත්වනවා…”

“ඊයේ වෙනකොට මිලියන 5ක් බූස්ටර් එන්නත ලබාගෙන තිබෙනවා. ජනවාරි 29 වනදාට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගයට එරෙහි එන්නත්කරණ වැඩසටහනට වසරක් සම්පූර්ණ වෙනවා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ පවතින තත්ත්වය පිළිබඳව අනිසි ලෙස බිය නොවී පවතින එකම විසඳුම වන එන්නත්කරණය සම්පූර්ණ කරගන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Exit mobile version