බරපතළ තුවාල ලැබූ සිසුන් ඇත්නම් වහාම ගුවනින් කොළඹට ගේන්න – ජනපති දැනුම්දෙයි!

නානුඔය – රදැල්ල බෑවුමේ දී සිදු වූ බස් – වෑන් රථ අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුන් සිටී නම් වහාම ඔවුන් ගුවන් මගින් කොළඹට රැගෙන එන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

එම තුවාල ලද දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
අධ්‍යාපන චාරිකාවක් ගොස් කොළඹ බලා එමින් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් නානුඔය – රඳැල්ල කෙටි මාර්ගයේ රඳැල්ල ක්‍රීඩංගනය අසල දල බෑවුමේ දී වෑන් රථයක සහ ත්‍රී රෝද රථයක ගැටී මීටර 50ක පමණ ප්‍රපාතයට පෙරළීමෙන් මෙම අනතුර සිදු විය.

නුවරඑළිය මහ රෝහලට අනතුරට පත් සියලුම දෙනා ඇතුළත් කෙරිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ මෙම අනතුරින් පුද්ගලයින් 7කු ජීවිතක්ෂයට පත්ව 51 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා මාධ්‍යයට පවසා තිබුණේ බස්රථයේ ගමන් ගත් පාසල් සිසුන් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බවය.


Exit mobile version