බන්ධනාගාර රැඳවියන් 05ක් මෙවර උසස් පෙළ ලියති… එක් විභාග අපේක්ෂකයෙක් මරණීය දණ්ඩනය නියමවූ අයෙක්..

බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 05 දෙනෙක් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවෙක් ද වන බව එම දෙපාර්තමේන්තුව කියයි. එම සිරකරුවා බන්ධනාගාරගතව සිටි කාලය තුළ නව කතාවක් ද ලියා තිබේ.

මරණීය දණ්ඩනය හිමි වූ පුද්ගලයා ඇතුළු මින් හතර දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ය. ඔවුන් නව මැගසින් විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට මුහුණ දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බන්ධනාගාරගත අනෙක් රැඳවියා යාපනය බන්ධනාගාරයේ අයෙකි.


Exit mobile version