බන්ධනාගාර ඇතුළේ පාතාල වැඩ වහාම නතර විය යුතුයි

ජනපති ගෝඨාභය මෙහෙයුම අතට ගනී

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා ඊෙය් අදාළ සියලු පාර්ශ්වවල නිලධාරීන් හමුවේ  අවධාරණය කළේය.රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණයවී තිබේ.

ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (01) සවස ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.   “බන්ධනාගාරඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න” ජනාධිපතිතුමා කියා සිටී. ආරක්ෂකලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් බන්ධනාගාර  දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු ඉවත්කොට සම්පූර්ණයෙන් විධිමත් කෙරෙනු ඇති අතර  නිලධාරීන් පුහුණුකිරීම්, දිරිගැන්වීම් ඇතුළු  සියලු ක්‍රියාකාරකම්අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද  ජනපතිවරයා උපදෙස්  දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන්හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල්ගුණරත්න,  අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.මොහොමඩ් යන මහත්ම මහත්මීහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, බන්ධනාගාරකොමසාරිස් ජනරාල් ප්‍රමුඛ පොලීසියේ සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීහූ සාකච්ඡාවට එක්වසිටියහ.


Exit mobile version