බන්දුලාල් බණ්ඩාරිගොඩ ගේ ඥාති මැරයෝ දෙණියාය විශේෂඥ මනෝ වෛද්‍යවරයාට පහර දෙති…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ ගේ ඥාති පුත්‍රයෙක් ඇතුළු බීමත් කණ්ඩායමක් දෙණියාය මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ ජනක වික්‍රමනායකට මහ මඟ දී පහර දීම නිසා ඔහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

වෛද්‍යවරයා මොරවක පැවති මනෝ වෛද්‍ය සායනයකට සහභාගී වී නිවස කර ගමන් කරද්දී කැන්ටරයකින් පැමිණි මේ මැර කණ්ඩායම බද්දේගම නාගොඩ පාරේ උනන්විටිය හන්දියේ දී වාහනය මග හරස් කර වෛද්‍යවරයාට වටකර පහර දී  තිබේ.

පහර දීමට හේතුව වී ඇත්තේ මේ මැරයන් පැමිණි වාහනයට වෛද්‍යවරයාගේ වාහනය නිසා අවහරි වීම බව පැවසේ.


මෙ අවස්ථාවේ අවට සිටි පිරිස පැමිණ ඉතාම වෙහෙසක් දරා මේ පහර දීම වළක්වා පොලිසියට දැනුම් දී ඇත. ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ මේ පුද්ගලයන් බීමතින් හැසිරෙන්නේ මේ ආකරයෙන් බවත්, මෙම තත්වය ප්‍රදේශයටත් කරදරයක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල නාගොඩ පොලිසියට වෛද්‍යවරයා කරන ලද පැමිණිල්ලක් අනුව මේ වනවිට මැරයින් අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (24) උසාවියට ඉදරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Exit mobile version