බදු නොගෙවන ලොකු කොම්පැනි මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්

විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (06) තීරණය විය.

එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

අයකර ගත හැකි බඳු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතු බවත්, එමඟින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා කාරක සභාවේදී කීවේය.


දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇතිබවත්, ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාශය එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා විය.

හිඟ බදු නීතිය කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.සී බණ්ඩාර මහතා කාරක සභාවේදී මතුකළ අතර ,ඊට අදාළ යෝජනා වහාම ලබා දෙන මෙන් සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවට, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන බි.වයි.ජි රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, අශෝක් අබේසිංහ, තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, කාදර් මස්තාර්, ආචාර්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාහු පිරිසක් සභභාගි වූහ.

Exit mobile version