බදුල්ල මහ රෝහලට අවට රෝහල්වලින් වෛද්‍ය හෙද කාර්යමණ්ඩලය 150ක් ගෙන්වයි.

අසාධ්‍ය රෝගීන් 24ක් බදුල්ල මහ රෝහලට... මරණ සංඛ්‍යාව 15ක් තෙක් ඉහළට....

පස්සර 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මේ වනවිට පුද්ගලයන් 15 දෙනෙක් මිය ගොස් තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනෙක් පස්සර මූලික රෝහලෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.  තුවාල ලැබුවන් 08 දෙනෙක්  පස්සර මුලික  රෝහලේ තවමත් ප්‍රතිකාර ගනිමින් සිටිති.

මේ වනවිට බදුල්ල අවට රෝහල්වලින් වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩලය 150ක් පමණ බදුල්ල මහ රෝහලට කැඳවා ඇතැයි වාර්තාවේ


අද පෙරවරු 7.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙසේ අනතුරට ලක් විය.  බස්රථය අඩි 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් තිබිණි. එම සිද්ධියේ සී.සී.ටී.වී දර්ශන මාධ්‍යයට නිකුත් වී තිබේ.

කියවන්න…

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පස්සර බස් අනතුරේ රෝගීන්ට ඕ නෙගටිව් ලේ ඕනෑ

Exit mobile version