බදියුදීන් වැලිකඩ කොවිඩ් ගොඩේ.. කිරිඇල්ලගෙන් කතානායකට පැමිණිල්ලක්…

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විපක්ෂයේ ප්‍රධන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද 18) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට අමතමින්  “රිමාන්ඞ් භාරයේ සිටින රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා සිටින්නේ වැළිකඩ කොවිඞ් ගොඩේ”  යැයි දන්වා සිටියේය.
“ රිමාන්ඞ් එකේ ඉන්නා පිල්ලෙයාන්ට සලකන විදිහට නොවේ රිෂාඞ් මන්ත්‍රීවරයාට සලකන්නේ. ඒක හරිම අසාධාරණයක්. රිෂාඞ් මන්ත්‍රීවරයා ඉන්නේ කොවිඞ් ගොඩේ. අපට වෙන කියන්න කිසිම කෙනෙක් නැහැ. ඔබතුමාට තමයි කියන්න තියෙන්නේ…”  කිරිඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.
කතානායකවරයා කීවේ “ඒ ප්‍රශ්නය බන්ධනාගාර කොමසාරිස්ට දැනුම්දී තියෙනවා..” කියාය.
“ පිල්ලෙයාන් රිමාන්ඞ් එකේ ඉඳන් උත්සව වලට රැගෙන ගිහින් තියෙනවා. ඒවයේ ඡායාරූප තියෙනවා..” යැයි කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසද්දී “ පිල්ලෙයාන් ඉන්නේ මඩකලපුවේ..” යැයි කතානායකවරයා කීවේය.
“ කොහොම වුනත් රිමාන්ඞ් එකේනේ..” කිරිඇල්ල මන්ත්‍රීවරයා යළි කීවේය.

Exit mobile version