බදියුදීන්ට විල්පත්තුවේ ගස් යළිත් හිටුවන්නට වෙයි

විල්පත්තුවේ කල්ලාර රක්ෂිතයේ සිදුකළ වන විනාශය නීතිවිරෝධී බවත් එම ප්‍රදේශයේ තමන්ගේ වියදමින් යළි වනරෝපණය කිරිම සඳහාත් අදාල නඩු ගාස්තු ගෙවන ලෙසත් අභියාචනාධිකරණය අද හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ට නියෝග කළේය..

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින්   පනවන ලද මෙම නඩුවේ තීන්දුව අද (16) ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම කටයුතු සදහා ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය අභියාචනාධිකරණය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.  පෙත්සම්කරුගේ නඩු ගාස්තු රජයට සහ රිෂාඩ් බදුර්දීන්ට  ගෙවන ලෙසට නියෝග කරන කරනු ලැබුවේය.


මෙම නියෝගය  අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා   සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න   විසින් නිකුත් කරනු ලැබූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නඩු තීන්දුව පිළිබඳ පූර්ණ විස්තරයක් හැකි ඉක්මනින් ලබාදීමට ලංකාසර බලාපොරොත්තු වේ.

Exit mobile version