බදියුදීන්ගේ ගෝලයෝ මුස්ලිම් ජාතිවාදය වපුරමින් නැගෙනහිර ඡන්ද සොයති….

රිෂාඩ් බදියුදීන්

දිනසේන රතුගමගේ-

සිංහල ජනවාසකරණය වළක්වා නැගෙනහිර මුස්ලිම් අයිතිය තහවුරු කිරීම සඳහා    නැගෙනහිරෙන්  අබ්දුල්ලා මහරුෆ් පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලමින්  රිෂාඩ්ගේ බදියුදීන්ගේ ජාතිවාදී කල්ලිය ගෙයින් ගෙට ගොස් මැතිවරණ ව්‍යාපාරයේ නිරතවන ආකාරය  වීඩියෝ දර්ශන සහිතව ලංකාසරට වාර්තා වූයේය.

නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු  මුවාවෙන් ත්‍රිකුණාමළය ප්‍රදේශයේ සිංහල වැසියන්  පදිංචි කොට ජනාවාස ඉදිකිරීමට  රජය පියවර ගෙන ඇතැයි ද හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන් වෙනුවෙන් ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයේ අත් පත්‍රිකා බෙදා  මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත පිරිසක් නිවෙසින් නිවසට කියමින් යන ආකාරය මේ වීඩියෝ දර්ශනවලින් වාර්තා විය.

රිෂාර්ඩ් බදුයුදීන් නිතරම රහස් පොලිස් මුලස්ථානයට කැඳවන නිසා ඔහුට මෙම මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වල නිරත වීමට නොහැකි යැයි ද, ත්‍රිකුණාමළයේ මුස්ලිම්  මෞලවිවරු කීපදෙනෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු බාර දී ඇතැයි මේ තරුණයෝ කියා සිටිති.


රිෂාඩ් බදියුදීන් පැමිණියේ නම් මේ පළාතේ මුස්ලිම් ගම්මානවල හා මුස්ලිම් පළාත් වල සිංහල ජනතාව පදිංචි කරන ආකාරය මීට වඩා හොඳින් විස්තර කොට දෙනු ඇතැයි කියමින්   මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත තරුණයෝ මේ ආරංචිය මුස්ලිම් සියලුම දෙනාට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිදුවන අසාධාරණය වැලක්වා ගැනීමට රිෂාර්ඩ් බදුයුදීන්ට හැකියාව ඇති නිසා ඔහුට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ගෙයින් ගෙට යන තරුණයෝ ඉල්ලා   සිටිති.

Exit mobile version