බත උයන්න කලින් හාල් පොඟවලා ගන්න

අප එදිනෙදා බහුලව භාවිතයට ගන්නා ප්‍රධාන ආහරය වන බත පිසගැනීමේදී සහල් කිසියම් වේලාවක් පොඟවා තැබීමෙන් එහි පෝෂණ ගුණය සැබවින්ම සිරුරට උකහා ගන්නා බව සුප්‍රසිද්ධ ඉන්දීය පෝෂණවේදියෙකු සහ කලාපීය දේශීය ආහාර පිළිබඳ උපදේශක රුජුටා දීවේකර් පවසයි. එමගින් කියවෙන්නේ සහල්වලින් විටමින් හා ඛනිජ ලවණ අවශෝෂණය කර ගැනීමට එය වඩාත් ඉවහල් වන බවයි.

සහල් විනාඩි 30 ක් හෝ ඊට වැඩි කාලයක් පොඟවා ගැනීමට ඉඩ දීමෙන් බොහෝ සහල් වර්ගවල පිසීම සඳහා ගතවන කාලය  20% කින් පමණ අඩු කර ගත හැකි බව සාමාන්‍ය පිළිගැනීමයි. බත් පොඟවා ගැනීමෙන් අවසාන ප්‍රතිඑලය වන ආහාරයෙ රසයට ද එය බෙහෙවින් බලපායි.

පොඟවා ගත් සහල් පිසගන්නා කාලය වේගවත් වන අතර පෙඟීම මගින් සහල් නියමාකාරයෙන් පිපීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍යයක් ද නිපදවන අතර එමඟින් සහල්වල ඇරෝමැටික මූලද්‍රව්‍ය රඳවා ගැනීමට ද ඉඩ සලසයි.


පිසීමට පෙර යම් වේලාවක් සහල් පොඟවා ගැනීමෙන් ෆයිටික් අම්ලය ඉවත් වේ. මෙම අම්ලය මඟින් සහල්වල ඇති පෝෂ්‍ය පදාර්ථ සම්පූර්ණයෙන්ම සිරුරට අවශෝෂණය වීම වළක්වයි. ෆයිටික් අම්ලය යනු ශාක බීජ වල අඩංගු ස්වාභාවික ද්‍රව්‍යයකි, එය ශරීරය යකඩ, සින්ක් සහ කැල්සියම් අවශෝෂණය කර ගැනීමට බාධා කරයි. එය විශේෂයෙන් ඉහළ මට්ටමේ බීජ, ධාන්‍ය, රනිල කුලයට අයත් බෝංචි සහ ඇට වර්ගවල දක්නට ලැබේ.

“ෆයිටික් අම්ලය ශාකවල දක්නට ලැබෙන අතර බීජ වල පොස්පරස් ගබඩා කිරීමේ ඒකකය සාදයි” යැයි මෑතකදී වෝග් ඉන්දියා විසින් 2020 වෝග් රූපලාවන්‍ය සම්මාන උළෙලේදී හොඳම පෝෂණවේදිනිය ලෙස පිළිගත් මැග්රොබයොටික් පෝෂණවේදිනියක සහ සූපවේදී‍‍‍‍‍‍‍යකු වන  ෂොනාලි සබර්වාල් හෆ්පොස්ට් වෙත පැවසීය. “එය ඛනිජ අවශෝෂණය වීම නවත්වන අතර සහල් වතුරේ පොඟවා ගැනීමෙන් ෆයිටික් අම්ලය ඉවත් කරයි. සින්ක් හා යකඩ ඌනතාවයෙන් පෙළෙන අය ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. ”

ඛනිජ අවශෝෂණය අඩපණ වීම එම ආහාරයට පමණක් සීමා වන බව සබර්වාල් පෙන්වා දුන්නේය. එවැනි ආහාර වේලකින් පසු ශරීරය වෙනත් කිසිදු ආහාරයකින් පෝෂණය අවශෝෂණය වීම වළක්වන කිසිදු පද්ධතිමය දුර්වලතාවයක් ඇති නොකරයි.

මේ හේතුව නිසා බත් අනුභව කිරීමෙන් වැළකී සිටිය යුතු නැතැයි ද සබර්වාල් පැවසීය. “ ෆයිටික් අම්ල මට්ටම අඩු කිරීම සහ සහල් ඇතුළු ආහාර ධාන්‍යවලින් සින්ක් සහ යකඩවල ජෛව සක්‍රීයතාව ඉහළ නැංවීම සඳහා ඵලදායී බව ඔප්පු කර ඇති පොඟවා ගැනීම වැනි එහි පෝෂණය වැඩි දියුණු කරන ආහාර පිසීමේ ක්‍රම භාවිතා කරන්න” සබර්වාල් පෙන්වා දෙයි.

සමහර සහල් වර්ග සෙසු ඒවාට වඩා වැඩි වේලාවක් පොඟවා ගැනීම සඳහා වඩාත් සුදුසු වේ. සහල් වර්ගය අනුව පොඟවා ගත යුතු වේලාවන් වෙනස් වේ.

ඉන්දියාවේදී ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට විවිධාකාර සහල් වර්ග ඔබට සොයා ගත හැකි වනු ඇත. එම සහල් එකිනෙකට වෙනස් විවිධ ක්‍රම වලින් පිසිනු ලැබේ . පීඩන උදුනෙහි, පැස්ටා ආකාරයෙන් ලුණු සහිත ජලය විශාල භාජනවල තම්බා සහ ජලය මැන තැම්බීමෙන් හෝ අවශෝෂණ ක්‍රමයට පිසින ලද ආදි ක්‍රම ඒ අතර වේ. සහල් පිසගැනීමේදී හරි හෝ වැරදි යනුවෙන් ක්‍රමයක් නැත, නමුත් වඩාත් සුදුසු ක්‍රමයක් ඒ සඳහා භාවිත කිරීමෙන් හොඳ ප්‍රතිඑල අත්කරගත හැකිය.

සහල් පොඟවා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?

අපගේ මුළුතැන්ගෙයි බොහෝ සහල් පිළියෙල කිරීම ආරම්භ වන්නේ සහල් කිහිප වතාවක් සේදීම සහ කළු ඇට, වී, ගල් අහුලා ගැනීම ආදියෙන් පසුවය. ඕනෑම විදේශීය සහල් වර්ගයක් වුවද සේදීම සඳහා අතින් වතුරෙන් ගසමින් සෝදා පිසීමට යොදාගනී. නමුත් සාමාන්‍යයෙන් සහල් පොඟවා ගත යුතු
සුදුසු කාලසීමා මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version