බඩල්ගම ප්‍රධාන ඇඟළුම් කම්හලක් දින නියමයක් නැතිව වසා දමයි

Caption here (Manori Wijesekera, GPJ Sri Lanka)

බඩල්ගම පිහිටි ප්‍රධානම අපනයන ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වූ සිරියෝ ආයතනයේ තවත් සේවිකාවන් 08 දෙනෙක් කොවිඩ් ආසාදිත බව අද 07) තහවුරු වීමත් සමගම ආයතනය දින නියමක් නැතිව වසා දමන්නට ආයතන පරිපාලනය  තීරණය කළේය.

පසුගිය 03 වැනිදා මුලින්ම  සේවක සේවිකාවන් 29 දෙනෙක් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග සියල්ලන්ම පී,සී.ආර් පරීක්ෂණයට යොමු කර එහි ප්‍රතිඵල එනතුරු ආයතනය තාවකාලිකව වසා දමා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පසුගිය 5 දා   කොවිඩ් ආසාදිතයන් 19ක් වාර්තා විය. අද තවත් කොවිඩ් ආසාදිතයන් 09ක් හමුවීමත් සමග ආයතනයෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 56ක් විය.  මේ වනවිට ආයතනයේ සේවක සේවිකාවන් 1100න් 700 දෙනා නිරෝධායනය කර තිබේ.


 

Exit mobile version