බඩගින්නට ජල ප්‍රහාර… බේත්ටිකවත් ගන්න ඩොලර් නැති රටට පොලිසිය ඉන්දියාවෙන් ජල ප්‍රහාර රථ ගෙන්වයි!

කන්න බොන්න ටික නැතිව හාමත් වී, බෙහෙත් නැතිව මිය යන්නට නියමිත අසරණ මිනිසුන් පිරිසක් සහිත බංකොලොත්  රටක අන්තිම ඩොලර් ටික වියදම්කරමින් මේ දරාගත නොහැකි  පීඩනයට එරෙහිවන මිනිසුන් මර්ධනය කිරීමට    ජල ප්‍රහාරක රථ ඉන්දියාවෙන් ආනයනය  කිරීමට ආණ්ඩුව පියවර ගැනීම  සම්බන්ධව   බරපතල සමාජ විරෝධයක්  මේ වනවිට සමාජ මධ්‍ය ඔස්සේ නිර්මාණය වෙමින් තිබේ.

මෙම ජල ප්‍රහාරක රථ ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙනි. ඉන් එක් රථයක්  ඊයේ සිට හම්බන්තොට වරායේ නවත්වා ඇත.  තවත් රථ කීපයක් ලැබෙන්නට ඇතැයි ද අභ්‍යන්තර තොරතුරු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ජල ප්‍රහාරක රථ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනවලින් රටට ගෙන්වා ඇතැයි වාර්තා වේ.

Exit mobile version