“බකං නිලා“ සිටි මෛත්‍රි පාස්කු කොමිසමෙන් නික්ම යයි

අද උදෑසන පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා දීම පිළිබඳව බැලීම සඳහා පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය දෙකක පමණ කාලයක් එහි රැදී සිට පස්වරු 12.10ට පමණ එම සභා ශාලාවෙන් පිටව ගොස් තිබේ.

අද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් සාක්ෂි විමසෙන අතර මෙම ස්ථානයට පැමිණි ජනාධිපතිවරයා එම කොමිසම පැවත්වෙන හාලාවේ පසුපස පුටුවක වාඩි වී එහි සාක්ෂි විභාගයට සවන් දෙමින් සිට මෙසේ නැගිට ගොස් තිබේ.

පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙම කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක කතා සිදු කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ බොරු යයි තම ලේකම්වරයා හරහා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළේය.


මෙම නිවේදනය සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතීඥවරයා කොමිසමෙන් විමසා ඇතේ එලෙස කොමිසමේ ප්‍රකාශ වන දේවල් සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ දීම සුදුසුද යන්නය.

මේ සම්බන්ධයෙන් මෙම කොමිසමට සහභාගී වන හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරයාගෙන් විමසා සිටියද ඔහු පවසා ඇත්තේ මේ පිළිබඳව තම සේවා දායකයා දැනුවත් කර නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව අද දිනයේ මේ සම්බන්ධයෙන් දැන කරුණු කොමිසම හමුවේ වාර්තා කරන ලෙස හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරයාට කොමිසම විසින් නියෝග කරනු ලැබ ඇත. එසේ වුවද මෛත්‍රීපාල සිරිසේන මහතා රැඳී සිටි අවස්ථාවේ කොමිසම හමුවේ එවැනි විමසීමක් සිදුව නැත.

Exit mobile version