බංකොලොත් රටට පැමිණි විදේශිකයෝ රටේ බැංකු කඩති… ඊයේ දකුණේ ATM යන්ත්‍ර තුනක් බිද කෝටියකට වඩා මුදල් හොරකම් කරගෙන…

විදේශිකයින් දෙදෙනා ඒටීඑම් යන්ත්‍රය බිඳින ආකාරය...

ඊයේ අලුයම (30) හික්කඩුව, ගාල්ල සහ බද්දේගම නගරවල මහජන බැංකුවේ ඒටීඑම් යන්ත්‍රවල පරිගණක පද්ධතිය බිඳ රුපියල් කෝටි ගණනක් මුදල් කොල්ල කෑ විදේශිකයින් පිරිසක් සම්බන්ධව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙම ඒටීඑම් යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයකින් රුපියල් හතලිස් හය ලක්ෂ අසූ දහසක් ( 46,80,000) යන්ත්‍රයෙන් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් (2, 75,000) තවත් යන්ත්‍රයකයින් රුපියල් පනස් හත් ලක්ෂයක් ( 5700000) මෙසේ කොල්ල කා ඇත.

මේ සම්බන්ධව වූ පැමිණිලි ගාල්ල හික්කඩුව සහ බද්දේගම පොලිසි වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේ විමර්ශනය කරගෙන යන නිලධාරීන්ට මූලික පෙනී ගොස් ඇත්තේ ඊයේ අලුයම් කාලයේ එම ඒටීඑම් යන්ත්‍ර පිහිටි ස්ථානවලට ඇතුළුවන විදේශිකයින් කණ්ඩායමක් යන්ත්‍රයේ ඇති සීසීටීවී කැමරාවට ස්ටිකරයක් වැනි යමක් අලවා අවාරණය කර ඒටීඑම් යන්ත්‍ර පද්ධතියේ ඇති රිඝණක යේ මෘදුකොංග පද්ධතියට අනවසරපෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කර මම මුදල් සොරාගෙන ඇති බවය.

විශේෂත්වය වන්නේ මෙම නගර තුනේම ඒටීඑම් යන්ත්‍ර කොල්ල කා ඇත්තේ එකම ආකාරයට වීමය. එබැවින් මේ විදේශික කොල්ල කණ්ඩායම එකම පිරිසක් බව පොලිසියට සැක පහළ වී තිබේ.


සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව, ගාල්ල , බද්දේගම යන පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට දෙදිනකට පෙර නාරාහේන්පිට රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයට හානිකර මුදල් ලබා ගැනීමට උත්සාහ කරන විදේශිකයින් දෙදෙනෙක් ගැන හෙළි විය.

Exit mobile version