පොහොර සහනාධාරය ලබන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000 ක් රජය මිල දී ගනී.

පොහොර සහනාධාරය ලබා දෙන සෑම ගොවියකුගෙන්ම ලබන කන්නයේ සිට රුපියල් 50 ක සහතික මිලකට හෙක්ටයාර් එකකින් කිලෝ 1000 බැගින් වී මිලදි ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසයි.

වී ගබඩා කිරීමේ කටයුතු කාර්යක්ෂම හා ආරක්ෂිතව සිදු කිරීම සඳහා ගබඩා සංකිර්ණ අලුත්වැඩියා කිරීමට වී අළෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 100 ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

වී සදහා ඒකාධිකාරය නැති කිරීම සහ වී මිල පාලන මිලක් යටතේ පවත්වාගෙන යාමට හැකිවන පරිදි මෙම පියවර ගනු ලබන බවද ඇමතිවරයා කියයි. ඔහු මේ බව පැවසූවේ පසුගිය 24 වන දින  දින කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේදිය.


එමෙන්ම ගොවි කටයුතු පහසු කර ගැනීමේ අරමුණින් සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම යාන්ත්‍රික අංශයක් ස්ථාපිත කරනු ලබන අතර, ඒ සඳහා බැකෝ යන්ත්‍ර, ට්‍රැක්ටර්, ගොයම් කැපීමේ උපකරණ ආදියද , ගොවීන්ට අදාළ උපකරණ භාවිතා කිරීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට  නියමිත බව ඇමතිවරයා  වැඩිදුරටත් සඳහන් කළේය

කෘෂිකාර්මික තොරතුරු අන්තර්ගත කරමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි දත්ත පද්ධතියක් සකස් කිරීම සිදු කරනු ලබන අතර, එමගින් විවිධ දේශගුණික හා පාරිසරික තත්වයන්ට අනුව පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් භෝග වගා කිරීමට අදාළ සියලු තොරතුරු ඇතුළත් කිරීමට නියමිත බව කීවේය.  එම දත්ත  පද්ධතිය මගින් වගා කටයුතු පහසු කර ගැනීමට අදාළ සියලු තොරතුරු පිළිබඳව ප්‍රාදේශිය නිලධාරින් මගින් ගොවියන්ව යාවත්කාලීන කිරීම සිදු කරනු ලබන බවද සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා , රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්  රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ගොවිජන සේවා කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් මේ අවස්ථාවට එක් වූහ.

Exit mobile version