පොහොර සඟවා වැඩක් නෑ.. ගෙන්වූ තොග වෙළෙඳපලට දාන්න…. රජය වෙළෙන්දන්ට කියයි.

Fertiliser-bags

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය හරිත ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දැනටමත් ආනයනය කර ඇති රසායනික පොහොර තොග පසුව වැඩි මිලට විකිණීමේ අභිලාෂයෙන් සඟවාගෙන සිටින වෙළෙන්දුන්ගෙන් එම පොහොර වෙළෙඳපලට නිකුත් කරන ලෙස රජය ඉල්ලා සිටී.

රසායනික පොහොර හා පළිබෝධ නාශක ආනයනය කිරීම නතර කිරීමට රජය තීරණය කිරීමෙන් පසු ඇතැම් පොහොර වෙළෙඳුන් තමන්ගේ පොහොර තොග සඟවමින් සිටින බැවින් මේ නිවේදනය නිකුත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂ 2021 සඳහා රසායනික පොහොර ගෙන්වීම අනායනයට අවසර නොදෙන බැවින් මෙම පොහොර තොග සඟවාගෙන සිටීමෙන් පලක් නැති බවත් රජය දන්වා සිටී.

Exit mobile version