පොහොර ලේකම් කාර්යාලයේ හතලිස් පන්කෝටියත් පනින ගැහිල්ලක් හෙළි වෙයි…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොහොර සමාගම් විසින් අඩු මිලක් යටතේ ආනයනය කොට තිබු පොහොර තොගයක් වෙනුවෙන් මිල කමිටුව තීරණය කළ මිල මත ගෙවිමට ජාතික පොහොර ලේකම්කාර්යාලය මගින් කටයුතු කිරීම හේතුවෙන් රජයට රුපියල් හතලින් පන්කෝටි හැට දෙලක්ෂ හැත්තැපන් දහස් හත්සිය හතලිස් නවයක් ( 456,275,749) පාඩුවක් සිදුකොට ඇති බැව් විගණකාධිපති දේපාර්තමේන්තුව මගින් කළ විගණනයකදි අනාවරණය වි ඇත.

වර්ෂ 2019 අවසන් කාර්තුව හා 2020 මුල්කාර්තු දෙක තුළදි පොහොර සමාගම් විසින් පොහොර ආනයනය කොට තිබු අවස්ථා 253න් අවස්ථා 213 කදී ආනයනික සැබෑ මිල මිල කමිටුව තිරණය කළ මිලට වඩා අඩු අගයක් ගෙන තිබු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේවුවද අඩුමිලක් යටතේ අනායනය කොට තිබු පොහොර තොගය වෙනුවෙන් මිල කමිටුව තීරණය කළ මිල මත ගෙවීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් කටයුතු කර තිබුණි.

මිල ගණන් තීරණය කිරීමේ දී දෙපාර්ශවයට සාධාරණ අයුරින් මෙන්ම රජයේ අයිතිවාසිකම ආරක්ෂා වී රජයට අවසන වාසියක්වන අයුරින් තීරණ ගැනීම මිල කමිටුව මගින් ක්‍රියාකළ යුතුය. එහෙත් මිල කමිටුවේ තීරණයන් හේතුවෙන් රජයේ අයිතිවාසිකම් ආරක්ෂා නොවු හා රජයට විශාල අලාභයක් දැරීමට සිදුවු අවස්ථා නිරීක්ෂණය වු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

පොහොර සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග වෙළඳපොළේ සෘජු පොහොර මිටියක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 1500ක් වීම හේතුවෙන් පොහොර ආනයනික සමාගම් වෙත පොහොර මිටියකින් රුපියල් 1000ක අලාභයක්වීම පිළිබඳ සැලකිල්ලට ගෙන එකී අලාභය පියවා ගැනීම සඳහා මිල කමිටුවක නිර්දේශමත සහනාධාර මුදල් ගෙවනු ලබයි.





Exit mobile version