පොහොර නැති එළවළු – කුරුඳුවගා කරුවෝ කඩවර කන්දේ දී මහින්දානන්දගේ පඹයෙක් පුච්චයි!

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

කුරුඳු වගාව විනාශ වී අස්වැන්න හින වී යන්නේ පොහොර නොමැති විම හේතුවෙන් නිසා කුරුඳු වගාව සහා රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් අහුන්ගල්ල පොල්අතුපළාතේ කුරුඳු වගා කරුවෝ පොල්අතුපළාත කඩවර කන්ද කුරුඳු ඉඩමකදී අද (10) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම විරෝධතාවය සඳහා අහුන්ගල්ල, කටුවිල, මරදාන, පතිරාජපෙදෙස, පතිරාජගම, මහම්මාගේහේනවත්ත, බොරළුකැටිය, පොල්අතුපළාත ආදී ප්‍රදේශයන්හි කුරුදු වගාකරුවෝ දෙසීයයකට (200) අධික පිරිසක් සහභාගී වූහ. ඔවුන්ට සහය දක්වමින් වී හා එලවළු වගාකරුවෝද විහාල පිරිසක් පැමිණ සිටියහ.

‘කුරුඳු වගාවත් කුස ගින්නේ – ජනතාව බඩගින්නේ,’ ‘වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු,’  ‘ගෝඨා මහින්ද බැසිල් රට කෑවා, ‘ ආදී වීරෝධතා පුවරු ඔසවා ගෙන විරෝධතාකරුවෝ වීරෝධතාවයේ යෙදී සිටියහ.


“වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු“, “වැඩබැරි බව දැන ගත්තේ වසර දෙකකට පස්සේද?,“ “අත් දැකීම් නැතිනම් ආණ්ඩුව ගත්තේ ඇයි,“ “බැසිල්ද ජනාධිපති ගෝඨාද ජනාධිපති,“ “මහින්ද නාමල්ට පාර කපයි“, “පුතා තාත්තට ඇමරිකාවට එන්න කියන්නේ බැඩබැරි බව දැනගෙනයි“, ආදී සටන්පාඨ කියමින් ගොවිජනතාව උද්ඝෝෂණයේ නිරත වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ  රුව සහිත පඹයකුද ගිනි තබා වීනාශ කරනු ලැබීය.

 

 

 

 

Exit mobile version