පොහොට්ටුව පැරණි ඇමතිවරුන්ට යළිත් එම ඇමති ධූරම ඉල්ලයි…

Sagara-Kariyawasam

සාගර කාරියවසම්

පොහොට්ටුවේ හිටපු ජ්‍යෙෂ්ඨයන්ට යළිත් එම අමාත්‍ය ධූර  ලබා දෙන ලෙස පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මේ බව මාධ්‍ය ඉදිරියේ යළිත්  ප්‍රකාශ කළේය.

පොහොට්ටුවෙන් මෙම ඉල්ලීම ලැබී ඇත්තේ හෙට දිනට පෙර කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සැලසුම් කර ඇති පසුබිමකය.

තවමත් කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව හා විෂය පථය පිළිබඳ නිශ්චිත එකඟතාවයකට එළඹීමට නොහැකි වී ඇත්තේ මෙම අභ්‍යන්තර අර්බුදය නිසා බව පැවසේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් නම් කර ඔවුන්ට ඇමති ධූර ලබා දෙන ලෙස පොහොට්ටුව මින් පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබිණි.

Exit mobile version