පොහොට්ටුව තුනට පුපුරයි ! මන්ත්‍රීවරු අතර කඳවුරු තුනක්!

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට ඉන්ධන මිල අර්බුදය හමුවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා දක්වන ලද අදහස මත ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ ම කල්ලි තුනක් බිහිව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ සහ පෙරේදා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් අතර විශාල වශයෙන් කතා බහට ලක්ව තිබේ. එහිදී ඔවුන් අතර පැහැදිළි බෙදීමක් පැවති බව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට පවා අයෙක් තීරණය කර ඇති බව එම අරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ප්‍රධානතම පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ තුළ මේ වනවිට බිහිව ඇති කල්ලි තුනෙන් එක් කල්ලියක් වන්නේ බැසිල් රාජපක්ගේ පාර්ශ්වයයි. විශේෂයෙන් පක්ෂයේ මෙහෙයුම් කටයුතු භාරව සිටින්නේ මෙම පාර්ශ්වයේ සාමාජිකයන් වන අතර බැසිල් රාජපක්ෂ වරින් වර ඔවුන් සමඟ ඇමෙරිකාවේ සිට සම්බන්ධ වෙමින් අදාළ උපදෙස් ලබා දෙන බව වාර්තා වෙයි.


විශේෂයෙන් නෙළුම් මාවත කාර්යාලයට සම්බන්ධව සිටින එම කාර්යාල සමඟ නිතර නිතර සම්බන්ධවන මන්ත්‍රිවරුන් ගණනාවක් එම පාර්ශ්වයේ සිටින අතර ගම්මන්පිලට විරෝධය දැක්වීමේ ප්‍රබල මතයක සිටිනුයේ මෙම කණ්ඩායමයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලද තවත් කණ්ඩායමක් මහින්ද රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට සමීපව කටයුතු කරන අතර ඔවුන් ගම්මන්පිල සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් දරන අතරේ රජයේ සාමූහිකත්වය ගම්මන්පිලට එරෙහිව නැගූ චෝදනාව තුළ විනාශවන බවට අදහසක් මතුවන තතත්ත්වයට පත්ව තිබේ.

ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙන අතර ඔහුට මෙම පක්ෂයේ අනාගතය බේරා දෙන ලෙස ඉල්ලා ඇති බව සඳහන් වේ. මෙයට අමතරව වියත් මඟ නියෝජය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සමීව ඔහු කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කරන මන්ත්‍රිවරු පිරිසක්ද මේ අතර වෙති.

මෙම බෙදීම කලක පටන් පැවතුණද අමාත්‍ය ගම්මන්පිල සම්බන්ධයෙන් මතුවූ කාරණය මත එය ඔඩුදුවා ඇති අතර පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස තීරණාත්මක ලෙස බොහෝ කටයුතුවලට සම්බන්ධ වූ බැසිල් රාජපක්ෂ මේ වනවිට රට තුළ නොසිටීම නිසාද මෙම බෙදීම තවචදුරටත් අභ්‍යන්තරික ප්‍රශ්නයක් ව නොපැවතී පිටතටද පෙනන අර්බුදයක් බවට පත්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මන්ත්‍රිවරුන්ගෙන් සහ ප්‍රධාන පෙළේ ආධාරකරුවන්ගේ බලපෑම මත ජනාධිපතිවරයා අගමැතිවරයා සහ පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදි පුළුල් ලෙස සාකච්ඡා කිරීමට කතා බහ කිරීමට සූදානම්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version