පොහොට්ටුවේ සහාය 21  දෙන්න නම් ඉන්  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි…. මහින්ද රාජපක්ෂ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සහයෝගය ලැබෙන්නේ එයින් විධායක ජනාධිපති ධුරය අහෝසි වෙනවා නම් පමණක් බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා ඇත.

21 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොවනවා නම් ඉන්  රටට ප්‍රයෝජනකුත් නොවේනම් එය සම්මත කරගැනිමට කිසිදු සහයෝගයක් පොදුජන පෙරමුණ විසින් ලබා නොදෙන බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් සහ හිටපු අග්‍රාමාත්‍යරවයා අතර පැවති සාකච්ඡාවක දී ඒ බව පවසා ඇති  ඔහු  අද රටේ මූලික අවශ්‍යතාවය 21 වැනි සංශෝධනය නොව ජනතාව මුහුණ පා ඇති මූලික ප්‍රශ්න විසඳීම බව පෙන්වා දී තිබේ.

ජනතාවට රටට වැඩක් කළ හැකි වන පරිදි පාර්ලිමේන්තුවට බලය ලැබී එය ශක්තිමත් වෙනවානම් ඊට සහයෝගය ලබා දීම සිය පක්ෂයේ අරමුණ වුවත් එසේ නොමැතිව හිස් සංශෝධනයකට සහාය ලබා දීමෙන් ජනතා අපේක්ෂා ඉටු නොවන බවත්  ඔහු පෙන්වා දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විධායක ජනාධිපතිවරයා සතු බලතල ගලවා බලයක් නැති අගමැතිවරයෙකුට එම බලතල පැවරෙනවා නම්  ඊට කිසි ලෙසකින්වත් එකඟ විය නොහැකි බව පවසන මහින්ද රාජපක්ෂය එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට සිදුවිය යුතු බව අවධාරණය කර තිබේ.

Exit mobile version