පොහොට්ටුවෙන් සජබෙන්  එක්සත් ජාතික පක්ෂය හා එක්වන 25කට ආසන සංවිධායක ධුර – එජාපය කියයි!

පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය  නියෝජනය කරන හිටපු මැති  ඇමතිවරු 25කට වැඩි පිරිසක් ලඟදීම එජාපය ට එක්වන බවත්  එම කණ්ඩායමට    එජාප ආසන සංවිධායක ධූර ලබා දීමට එම පක්ෂය තීරණය කර ඇති බවත්  එජාප ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසර කළ විමසුමක දී  පැවසීය.

එක්සත් ජාතික පක්ෂය   එක්වන  කණ්ඩායමේ  දේශපාලන අනාගතය සැකසීම සම්බන්ධව පසුගිය කාලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර ස්ථාවර සන්ධානයක්  ගොඩනගා ඉදිරි මැතිවරණවලට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම  වැඩපිළිවෙළ ක්‍රියාත්මක  බවත් බිඳ වැටුණු අවස්ථාවේ පක්ෂය හැර නොගොස් පසුගිය කාලය පුරාම පක්ෂය සමග සිටි ක්‍රියාකාරීන්ට අසාධාරණයක්  නොවන පරිදි නව පත්වීම් ලබා දෙන බවත් එම ප්‍රකාශකයා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එජාප නායක  රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ගොඩනගන  නව සන්ධානය සමග  එක්වීමට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  පොදු ජන  පෙරමුණ  යන පක්ෂවලට අමතරව සුළු පක්ෂවලින් කණ්ඩායම් එක්වීමට නියමිතව සිටින බව පවසන එම ප්‍රකාශකයා ඔවුන් අතර ඇතැම් දිස්ත්‍රික්ක හා පළාත්වල ට නායකත්වය දෙන නායකයින් ද සිටින බව   අනාවරණය කළේය.


Exit mobile version