පොසොන් උත්සවය නිමිත්තෙන් වීදියවත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජාණන් පිළිසකර කරයි!

කීර්ති ප්‍රනාන්දු

පොසොන් උත්සවය නිමිත්තෙන් මිනුවන්ගොඩ රොෂාන් ජයසිංහ පදනම මගින් රුපියල් ලක්ෂ 10 ක වියදමින් වීදියවත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණය හා අභිනව දාන ශාලාවට සිවිලිම සවිකර පූජා කිරීම විහාරස්ථානයේදී සිදු කෙරිණ .

ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති මෙන්ම පංච මහා විහාරාධිපති පූජ්‍ය තෙප්පනාවේ සුමීත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් පරිදි රොෂාන් ජයසිංහ පදනමේ සභාපති රොෂාන් කුමාර ජයසිංහ විසින් මේ සඳහා මුදල් පරිත්‍යාග කර තිබිණ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සේයාරූ වලින් දැක්වෙන්නේ චෛත්‍යරාජයාණන් වහන්සේ සහ දානශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමෙන් අනතුරුව විහාරාධිපති තෙප්පනාවේ සුනීත හිමියන් හට රොෂාන් කුමාර ජයසිංහ  විසින් පූජා කළ අයුරුය.

Exit mobile version