පොසිටිව් වෙතැයි බිය වී රෝහල් කාර්යමණ්ඩලවල පී.සී.ආර් නවත්වයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් යැයි සැක සහිත සුළු රෝග ලක්ෂණ පෙන්වන රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ කොවිඩ් හදුනා ගැනීමට පී.සී.ආර්. හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම නවතා තිබීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය මඟින් වයිරසය සමාජගත වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. මැදිවත්ත මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් හදුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිදු නොකිරීම නිසා ඔවුන් වයිරසය නිවෙස්වලට මෙන්ම සමාජය තුළට ගෙන යන පුද්ගලයන් විය හැකි බවත් මෙම අවදානම නිසා තව තවත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් හෙතෙම පැවසීය.

සුළු රෝග ලක්ෂණ පෙන්වන රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කොවිඩ් හදුනා ගැනීමේ පරීක්ෂණයකට ලක් කළහොත් ඔවුන් ආසාදිතයන් වීමේ ප්‍රවනතාව ඉහළ බවත් ආසාදිතයන් ලෙස හදුනා ගතහොත් ප්‍රතිකාර සදහා හෝ නිරෝධායනය වෙත ඔවුන් යොමු කිරීමට සිදු වීමෙන් රෝහල් සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වීම මෙම කාරණාවට හේතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොවිඩ් ආසාදිතයකු දින 14 ක කාලයක් නිරෝධායනයට යොමු කළ යුතු වුවද, වර්තමානයේ සිදු වනුයේ දින 9 ක පමණ කාලයක් බවත් දින 9 කින් පසුව ආසාදිතයා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් කළ විට ඔවුන්ට යා හැකි ස්ථානයක් නොමැති වීම නිසා අසරණ තත්ත්වයක් ඔවුන්ට ඇති වන බවත් ඔහු කීය.

දින 9 ක නිරෝධායනකින් පසුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් එළියට ගිය ද ඔවුන්ගේ ශරීරයේ වයිරසය තිබෙනු ඇතැයි බිය නිසා බහුතරයක් පිරිස නිවෙස්වලට නොගොස් නිරෝධායන කාලය අවසන් වන තෙක් වෙනත් ස්ථාන නැවතීමට සොයන්නේ යැයි ද ඔහු පැවසුවේය.

Exit mobile version