පොලොන්නරුවේ පොලිස් හොරු කණ්ඩායමක් ඉන්ධන ජාවාරමක!

මනම්පිටිය – නිමල් ජයරත්න –

අත්‍යාවශ්‍ය සේවා මුවාවෙන් ඉන්ධන ජවාරමක යෙදෙන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගැන පොලොන්නරුවේ ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පාරිභෝගිකයින් චෝදනා කරයි.

අත්‍යාවශ්‍ය සේවා යැයි පවසමින් ලබා ගන්නා මෙම    ඉන්ධන   පිටස්තර අයට වැඩි මිලට අලෙවි කර මුදල් ඉපයීමේ ජාවාරමක් මේ පිරිස් ක්‍රියාත්මක කර ඇති බව ඔවුහු පවසති.

මේ තත්ත්වය පොලිස් ස්ථානාධිපතිවරුන් නොදන්නා බවත්, බූලිවලට ඉන්ධන ලබා දීම ප්‍රතිපත්තිමය තීන්දුවක් මත තහනම් කර ඇතයි ඇමතිවරයා රටට දන්වා තිබිය දී    පොලිස් යතුරුපැදිවලින් මෙන්ම ත්‍රීරෝද රථවලින් පැමිණ බූලිවලට ඩීසල් හා පෙට්‍රල් ලබාගන්නා මෙම පොලිස් නිලධාරීන්   පිටස්තර ස්ථානවලට  වැඩිමිලට අලෙවි කරන බව  ඉන්ධන හල්  සේවකයෝ කියති.

පොළොන්නරුව මනම්පිටිය, අරලගංවිල, දිඹුලාගල ඇතුළු ප්‍රදේශ  කිහිපයක පෙට්‍රල් ලීටරයක් මේ වනවිට රුපියල් 800 ක් 900 අතර මිලකට අලෙවි කරන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


ඇතැම් පොලිස් නිලධාරීන් රාජකාරි නිල ඇඳුම්පිටින් වෙනත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ ගෙනැවිත් පෙට්‍රල් හා ඩීසල් ගෙන යන බවත්, නැවත පැය    දෙකක් තුනක කාලය තුළ  පැමිණ තමන් ඉන්ධන ගෙන ගිය වාහනවලටම යළි ඉන්ධන ලබා ගන්නා බවත් ඉන්ධනහල් කළමනාකාරවරු කීප දෙනෙක් ලංකාසරට කීහ.

අරලගංවිල ඉන්ධන පිරවුම් හලේ පාරිභෝගිකයන්ට නිසි වැඩපිළිවෙළක් යටතේ ඉන්ධන බෙදාදදීමට කටයුතු කළද 23 වෙනිදා පැමිණි පෙට්‍රල් තොගය පොලිස් නිලධාරීන් කිහිපදෙනකු විසින් පැය කිහිපයක් තුළ බූලිවලට පුරවා අවසන් කළ  බවද එම ඉන්න පිරවුම් හලේ කළමනාකාර කරුණාතිලක   අපට   කීවේය,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධනහල් කළමනාකරුවන් සහ පාරිභෝගික ජනතාව නගන චෝදනාව පිළිබඳ අප පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගෙන් මෙන්ම රථවාහන පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් කල විමසීමකදී ඔවුන් සඳහන් කළේ  එවැනි ජාවාරම්ක් සිදු නොවන බවත්  පාරිභෝගික ජනතාව පෝලිම් වල නොති‍යා ඉතා කඩිනමින්  ඉන්ධන ලබාදීමේ අරමුණින් තමන් රාජ්කාරි වශයෙන් මැදිහත් වී එම කටයුතුවලට දායකවන බවයි.

Exit mobile version